පින්තූර ගැලරිය
රාජ්‍ය භාෂා සතිය 2021 - දීප ව්‍යාප්ත පාසල් රචනා තරඟාවලියේ ජයග්‍රාහකයන්
[6]Aug. 24, 2022
වාර්ෂිකව ජූලි මස 01 දින සිට 05 දින දක්වා යෙදෙන රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව,ජාතික භාෂා සමානාත්මතා හා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සමග ඒකාබද්ධව 2021 වර්ෂයේදී පවත්වන ලද දීප ව්‍යාප්ත පාසැල් රචනා තරඟය සඳහා පාසල් සිසු දරු දැරියන්ගෙන් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචනා 1210 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි.
මෙම රචනා තරඟය, කොරෝනා වසංගත තත්ත්වයක් රටේ පැවති කාලයක සංවිධානය කර තිබූ අවස්ථාවකදී ඒ සඳහා සිසු සිසුවියන්ගෙන් හා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් මෙන්ම පාසල් ගුරුවරුන්ගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය ඉතා අගය කොට සළකමු.
විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වූ අතර එම විනිශ්චය මණ්ඩලය විශ්වවිද්‍යාලවල භාෂා පිළිබඳ විශාරදයන්ගෙන් සමන්විත විය.
රචනා නිරීක්ෂණය කිරීමේදී සිංහල මාධ්‍ය රචනා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ ප්‍රධානන්වයෙන් ද, දෙමළ මාධ්‍ය රචනා කැලණිය විශ්විද්‍යාලයේ වාග්විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කවිතා රාජරත්නම්ගේ ප්‍රධානන්වයෙන් ද ඉංග්‍රීසි මාධ්‍ය රචනා රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය එස්.ජී.එස් සමරවීරගේ ප්‍රධානන්වයෙන් ද සිදුකර ජයග්‍රාහකයන් තෝරා පත්කරගන්නා ලදී.
ඒ අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත් ජයග්‍රාහකයන්ට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා හා අභිවර්ධන ව්‍යාපෘතියේ (NLEAP) උණුසුම් සුභපැතුම් පිරිනැමේ.