පින්තූර ගැලරිය
දෙමළ භාෂා දිනය
[13]Oct. 28, 2022
වාර්ෂිකව ඔක්තෝබර් මාසය තුළ දෙමළ භාෂා දිනය සමරනු ලබන අතර, 2022 වර්ෂයේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් මෙම දෙමළ භාෂා දිනය අරමුණු කරගනිමින් කොළඹ අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපන කටයුතු සිදුකරනු ලබන පාසැල් 22 ක “පාසැල් භාෂා කව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන” මූලික කරගනිමින් 2022.10.28 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ”භාෂාව සහ සමාජ සංවර්ධනය” මැයෙන් විශේෂ ආරාධිත දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙමළ අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය එස්.ප්‍රශාන්තන් විසින් සිදුකරන ලදී.
වැඩසටහන සඳහා සහභාගි වූ පාසල්වලින් ඉදිරිපත් කරන ලද දෙමළ සංස්කෘත අංගයන්ගෙන් වැඩසටහන වර්ණවත් විය. මෙම වැඩසටහන දෙමළ සංස්කෘතිය පිළිබිඹුවන ආකාරයට සිදුකර තිබූ අතර අමුත්තන් පිළිගැනීම දෙමළ චාරිත්‍රවලට අනුකූලව සිදුකරන ලද අතර එම ස්ථානයේ සංස්කෘතික සංකේතයන් ප්‍රදර්ශනය කර තිබුණි.