පින්තූර ගැලරිය
සිංහල භාෂා දිනය
[7]March 2, 2021
1815 වර්ෂයේ මාර්තු 02 දින ඉංග්‍රීසි අධිරාජ්‍යවාදින්ගේ පාලනයට එරෙහිව වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ධජය බිම දමා පාගා ලංකා කොඩිය එසවූයේ ද මෑත යුගයේ මෙරට බිහිවූ විශිෂ්ඨතම පඩිවරයෙකු වූ කුමාරතුංග මුණිදාස සූරීන් මියගියේද 1944 වසරේ මාර්තු මාසයේ 02 වැනිදාය. මෙම සිදුවීම් දෙක පාදක කොට ගෙන රජය විසින් මාර්තු මස 02 දිනය සිංහල භාෂා දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
එම දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් 2021.03.02 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සිංහල භාෂා භාවිතය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් පවත්වන ලදී.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 