රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

29th March 2024 20:27

අධ්‍යාපනය

රාජ්‍ය නිලධාරීන්, මහජනතාව සහ පාසැල් සිසුන්, ගුරුවරුන් වැනි පාර්ශවයන් දැනුවත් කිරීම.

  • රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ නෛතික පසුබිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරනු ලැබේ.

  • පුරවැසියන්ගේ භාෂා අයිතිවාසිකම් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරනු ලැබේ.

  • භාෂා කව පිහිටුවීම සම්බන්ධයෙන් පාසැල් සිසුන් දැනුවත් කරනු ලැබේ.

  • භාෂා ප්‍රවර්ධන කව පිහිටුවීම

  • ශ්‍රී ලංකාව වූ කලී බහු සංස්කෘතික, බහු ආගමික සහ බහු වාර්ගික සමාජයක් පවතින රටකි. එම සමාජයේ විවිධ භාෂා කථාකරන පුද්ගලයෝ ජීවත් වෙති. ජාතීන් අතර සමගිය, සහජීවනය සහ එකමුතුකම ඇති කිරීම සඳහා වෙනත් භාෂාවන් දැනගැනීම අත්‍යවශ්‍ය කරුණකි. එය රටක සංවර්ධනයේ පෙර දැක්මකි. ඒ සඳහා මූලික පදනම සකස් කරගත හැකි වන්නේ පාසල් සිසුන් මගිනි. එම තත්ත්වය පාසැල් තුළ ඇති කිරීම සඳහා භාෂා ප්‍රවර්ධන කව පිහිටුවීමට කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

    භාෂා ප්‍රවර්ධන කවයක් යනු පාසල් තුළ ත්‍රෛභාෂා පරිසරයක් නිර්මාණය කිරීමට පාසල් සිසුන් විසින්ම සංවිධානය කරනු ලබන විවිධ ක්‍රියාකරකම්වලින් සැදුම්ලත් කවයකි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති 1/2015 අංක දරන 06.01.2015 දිනැති චක්‍රලේඛයේ ප්‍රතිපාදන සැලසී ඇත.

    භාෂා කව පිහිටුවීම සහ නියාමනය පහත පරිදී සිදුකරයි.

    භාෂා ප්‍රවර්ධන කව පිහිටුවීම පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් පාසැල් දැනුවත් කිරීම.

    භාෂා ප්‍රවර්ධන කවය පිහිටුවීමෙන් අනතුරුව කවයේ, වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම මාස 03ක් ඇතුළත කොමිෂන් සභාව වෙත ගෙන්වා ගැනීම.

    කොමිෂන් සභාව විසින් ක්‍රියාකාරී සැලැස්මට අනුව, පාසල් භාෂා කවවල ප්‍රගතිය පසුවිපරම් කිරීම.




භාෂා ප්‍රවර්ධන කව පිහිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය පහත සඳහන් ආයතන මගින් ලබාගත හැකි ය.

   
  • රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

  • අධ්‍යාපන අමාත්‍යාංශයේ දෙවන ජාතික භාෂා අංශය

  • රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය

  • උසස් අධ්‍යාපන අමාත්‍යාංශය

  • සියලු ආගමික ආයතන

  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල

  • ප්‍රාදේශීය ලේකම් කාර්යාල

  • ජාතික අධ්‍යාපන ආයතනය

  • ප්‍රාදේශිය මට්ටමින් පිහිටුවා ඇති ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අංශය යටතේ පිහිටුවා ඇති භාෂා සංගම්.