වීඩියෝ ගැලරිය
ජාතික රූපවාහිනි සම්මුඛ සාකච්ඡාව
“අලුත් දිනක්” වැඩසටහන
March 1, 20241815 වර්ෂයේ මාර්තු 02 දින ඉංග්‍රීසි අධිරාජ්‍යවාදින්ගේ පාලනයට එරෙහිව වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසි ධජය බිම දමා පාගා ලංකා කොඩිය එසවූයේ ද මෑත යුගයේ මෙරට විශිෂ්ඨතම පඩිවරයෙකු වූ කුමාරතුංග මුණිදාස ශූරීන් මියගියේද 1944 වසරේ මාර්තු මාසයේ 02 වැනිදාය. මෙම සිදුවීම් දෙක පාදක කොට ගෙන රජය විසින් මාර්තු මස 02 දිනය සිංහල භාෂා දිනය වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.
මාර්තු මස 02 වන දිනට යෙදෙන සිංහල භාෂා දිනය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ 2024.03.01 වන දින අලුත් දිනක් වැඩසටහන ඔස්සේ සිදුකළ සාකච්ඡාවට අදාළ වීඩියෝ පටය.